ජංගම දුරකථනයක් පුපුරා යයි..හැමෝම මේ ගැන දැනුවත් වන්න..
Smart Phones
Hatton
Mobile Phones
By Aruna
ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරමින් සිටින අවස්තාවේ එම ජංගම දුරකථනයේ බැටරිය පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබූ පුවතක් වාර්තා වනවා.
හැටන් නගරයේ පිහිටි නිමි ඇදුම් වෙලදසැලක සේවකයෙකු විසින් ඔහුගේ ජංගම දුරකථනයේ බැටරිය දිගු වේලාවක් ක්‍රියා නොකරන බවට ඔහුගේ මිතුරෙකුට පරික්ෂා කරන ලෙසට (19) දින ජංගම දුරකථනය ලබා දි ඇති බවයි පැවසෙන්නේ.
එම ජංගම දුරකථනය පරික්ෂා කරමින් සිටින එම අවස්තාවේ ජංගම දුරකථනයේ බැටරිය එකවරම පුපුරා ඒ තුලින් ගින්නක් හටගන්නා ආකාරය කැමරාවේ සටහන් වි තිබුණේ පහත ආකාරයටයි.
පිපිරිමෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නොමැති අතර, ජංගම දුරකථන අධික වේලාවක් චාජ් කිරිම හේතුවෙන් බැටරිය ඉදිමී පිපිරිමේ අවධානමක් පවතින බවයි ජංගම දුරකථන අලුත්වැඩියාකරුවන් කියා සිටින්නේ.