පාසල් සිසුන්ට ෆෝන් තහනමක්
මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු විසින් පාසල් සිසුන් සඳහා ජංගම දුරකථන භාවිතය සම්බන්ධ නව නීතිරීති ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම නීති 2026 අධ්‍යයන වර්ෂය සිට දැඩි ලෙස ක්‍රියාත්මක වන අතර, අධ්‍යාපන අමාත්‍යාංශය නිරෝධායන ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.
නව නීති යටතේ 10 ශ්‍රේණිය සහ ඊට පහළ ශ්‍රේණිවල සිසුන්ට පාසලට ජංගම දුරකථන රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. 11 සහ 12 ශ්‍රේණිවල සිසුන්ට ජංගම දුරකථන රැගෙන ආ හැකියාව තිබුණද, පන්ති පැවැත්වෙන කාලය තුළ ඒවා ලොකර් තුළ තබා ගැනීම අනිවාර්ය වේ.
විවේක කාලයේදී පමණක් ඔවුන්ට ජංගම දුරකථන භාවිතා කිරීමට අවසර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය දැන් පන්ති කාමර සඳහා අවශ්‍ය ලොකර් පද්ධතියක් සැපයීම සඳහා කටයුතු කරමින් සිටී.
මෙම දැඩි නීතිමය තීරණයට හේතුව වී ඇත්තේ මේ මස මුලදී අඩ්ඩු මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවෙකු සහ ගුරුවරයෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දැක්වෙන වීඩියෝවක් ප්‍රචාරය වීමයි.