නිල නිවසේ අයිස් පැකට් කරපු P.T සර් මාට්ටූ

Report

සෙවනගල ප්‍රදේශයේ විදුහලක නිල නිවසකදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ පැකට් කරමින් සිටි එම විදුහලේ ක්‍රීඩා ගුරුවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව සෙවනගල පොලිසිය පවසයි.

සැකකරුවන් අතර තණමල්විල, ඌවකුඩාඔය සමගිපුර ප්‍රදේශයේ පදිංචි විසි අට හැවිරිදි එක් දරු පියෙකුද සිටී.

ඔවුන් අතර මත් ජාවාරම්කරුවෙකු සිටින බවටද තොරතුරු තිබේ.මෙම ගුරුවරයා පාසල් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කළාද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.

ඇල්ලෙ දී කුලී රථ රියදුරන්ට තර්ජනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කෙරේ

ඇල්ලෙ දී කුලී රථ රියදුරන්ට තර්ජනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා ස්ථාන මාරු කෙරේ

මඩකලපුව මාර්ගයේ යළි දුම්රිය ධාවනය අද සිට

මඩකලපුව මාර්ගයේ යළි දුම්රිය ධාවනය අද සිට