පූජනීය ස්ථානවලට දුරකථන රැගෙන යාමට තහනමක්..!

By Sewvandhi Dec 03, 2022 10:45 AM GMT
Report

ඉන්දියාවේ තමිල්නාඩු අධිකරණයක් විසින් පූජනීය ස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ .

මෙයට හේතුව වී ඇත්තේ කෝවිලක ඇති වූ ගැටලුවක් මුල් කර ගනිමින් පැවති නඩුවකුයි.ආගමික ස්ථානවල පූජනීය භාවය රැකගැනීම සහ වන්දනාකරුවන්ට සිදුවන බාධාවන් මගහරවා ගැනීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව සඳහන්.

ජංගම දුරකථන රඳවා තැබීම සඳහා පූජනීය ස්ථානවලට ප්‍රවේශ වන ස්ථානයේ වෙනම රඳවනයක් ස්ථාපිත කර එහි ආරක්ෂක නිලධාරියෙකු යෙදවීමට ද අධිකරණය නියෝග කර ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.