අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් හමුවෙයි
නිවසින් දින දෙකක් ව තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු පියෙකුගේ සිරුර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ට්‍රැඩන් වත්ත ප්‍රදේශයේ බෝක්කුවත් තුල තිබි (31) දින අලුයම සොයා ගත්බව හැටන් පොලිසිය සදහන් කර තිබේ.
මෙසේ බෝක්කුවත් මත තිබි හමු වී ඇත්තේ වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තෙ පදිංචිව සිටි ජෙගනාදන් මහේන්ද්‍රන් කුමාර් නැමති දෙදරු පියෙකුගේ සිරුරයි.
සිය සැමියා දින දෙකක් තිස්සේ නිවසට නොපැමිණි බව පවසමින් බිරිද විසින් වටවල පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.
වතුයායේ කම්කරුවන්ගේද සහයයෝගය ඇතිව ප්‍රදේශය පුරා පොලිසියේද සහයෝගය ඇතිව සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදි.
එම මෙහෙයුමේදි බෝක්කුව තුල තිබු සිරුර සොයා ගත් බවත්, අධික ලෙස බීමත්ව පැමිණි එම පුද්ගලයා බස් රථයෙන් බැස ගමන් කරමින් සිටියදී බෝක්කුව මත වැටී මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පල කරනු ලබයි.
මිය ගිය පුද්ගලයා හැටන් මහනුවර මාර්ගයේ පෞද්ගලික බස් රථයක රියදුරෙකු වශයෙන් සේවය කල අයෙකු බව වාර්තා වේ.
ඒ අනුව සිරුර සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසියේ නිළධාරියෙක් සදහන් කර තිබේ.