බලංගොඩින් අතුරුදන් වූ 17 හැවිරිදි පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයා ගනී
බලංගොඩ, පින්නවල - එල්ලාරාව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු අතුරුදන් වී ඇති බවට බලංගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ප්‍රමුඛ පාසලක අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියන් තිදෙනෙකි.
ඊයේ උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා නිවෙස්වලින් පිටව ගිය මොවුන් පසුව ආපසු පැමිණ නොමැති බව දෙමාපියන් විසින් අනාවරණය කර ඇත.
ඉන්පසුව කළ පොලිස් විමර්ශන කරනු ලැබීය මෙලෙස අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ.