ආයෙමත් ලස්සන වෙලත් හමාරයි..තරුණියන් හඬවමින් රූපලාවණ්‍යාගාරයක් ගැන දුන් අධිකරණ නියෝගය..!

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Sewvandhi Sep 06, 2024 04:06 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින්, මිනුවන්ගොඩ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක හිසකෙස් සැකසීමට පැමිණි කාන්තාවකගේ කෙස් කළඹ ගැලවී යාමේ සිදුවීමකට අදාලව එම රූපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

අධිකරණය පාරිභෝගික අධිකාරියට නියෝග කර ඇත්තේ, එම රූපලාවන්‍යාගාරයේ භාවිත කරන ආලේපන වර්ග පිළිබඳ වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

පසුගිය 30 වැනිදා පෙරවරුවේදී, උපන්දින සාදයක් සඳහා කොණ්ඩය සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් එම නගරයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත පැමිණ තිබුණා.

එම රෑපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ඇයට යම්කිසි හිසකෙස් අලංකරණ ද්‍රව්‍යක් යොදා කොණ්ඩය සැකසීම ආරම්භ කර ඇති අතර අනතුරුව එහි හිමිකාරිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

එම කාන්තාව පවසන්නේ, කොණ්ඩය සැකසීම අතරතුර අදාල කාන්තාව තමාට යම් අපහසුවක් ඇති බවට සේවිකාවන් දෙදෙනාට දන්වා ඇතත් ඒ් පිළිබඳව සේවිකාවන් දෙදෙනා තැකීමක් නොකර කොණ්ඩය සැකසීමේ කටයුතු සිදු කළ බවයි.

එම කාන්තාවගේ හිසකෙස් ද ගැලවී ගොස් ඇති අතර එම අවස්ථාවේදී සේවිකාවන් දෙදෙනා එම ස්ථානයෙන් පළාගොස් තිබුණා. පසුව කාන්තාව මිනුවන්ගොඩ මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර අනතුරුව ඇය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබුණා.

මේ වන විට එම රෑපලාවන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අදාළ රෑපලාවාන්‍යාගාරයේ හිමිකාරිණිය සහ සේවිකාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියොග කර තිබෙනවා.

බාල වයස්කාර ලේලියව ලබා ගන්න පුතා මැරූ පියා අවසානයේ ගිය තැන..

බාල වයස්කාර ලේලියව ලබා ගන්න පුතා මැරූ පියා අවසානයේ ගිය තැන..