“හුති ඉලක්කවලට පහර දෙන්න ගුවන් යානාත් පටවලා” - අන්තිම මොහොතේ සෞදි ඉල්ලීම ඇමරිකාව වෙනස් කරයි

Report

 යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකානු හමුදාව සූදානම්ව සිටියදී, අවසන් මොහොතේදී එම මෙහෙයුම නතර කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ. 

The New York Times වාර්තාවකට අනුව, සෞදි අරාබියට සහාය ලබාදෙන ලෙස එරට ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හෙවත් MBS කළ ඉල්ලීමෙන් අනතුරුව ට්‍රම්ප් හූති ඉලක්ක වෙත ප්‍රහාර සඳහා සූදානම් වන ලෙස පෙන්ටගනයට උපදෙස් ලබාදී තිබේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ ප්‍රහාරයට අදාළ ඉලක්ක ලැයිස්තු සකස් කර අනුමත කර තිබූ අතර, මෙහෙයුම සඳහා තෝරාගත් ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානාවලට බෝම්බ පැටවීමද ආරම්භ කර තිබූ බවයි.

කෙසේ වෙතත්, ඉරිදා වනවිට ට්‍රම්ප් එම තීරණයෙන් යළි ඉවත් වී ඇති අතර, මේ අවස්ථාවේදී හූති ඉලක්ක වෙත ඇමරිකානු ගුවන් ප්‍රහාරයක් සිදු නොකරන බවට පරිපාලන නිලධාරීන් සඳහන් කර තිබේ.

මීට පෙර ට්‍රම්ප් සිය උපදේශකයන් සමඟ පැවති සාකච්ඡාවකදී සෞදි අරාබිය සහ හූති සංවිධානය අතර පවතින ගැටුමට ඇමරිකාව සෘජුව මැදිහත් වීම සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වන බව පවසා තිබූ බවද වාර්තා වේ.

එහෙත් MBS සමඟ පැවති දුරකථන සංවාදයෙන් පසු ඔහු සිය ස්ථාවරය වෙනස් කර හූති සංවිධානයට එරෙහිව ගුවන් ප්‍රහාර සඳහා සූදානම් වන ලෙස නියෝග කර තිබේ. පසුව යළිත් එම තීරණය වෙනස් කර ප්‍රහාරය අත්හිටුවීමට පියවර ගෙන ඇත.

මේ අතර, ධවල මන්දිරය ට්‍රම්ප්ගේ තීරණ වෙනස් වීම සම්බන්ධයෙන් නිල පැහැදිලි කිරීමක් සිදුකර නොමැත. කෙසේ වෙතත්, ඇමරිකානු පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ සෞදි අරාබිය සමඟ ඇමරිකාව ආරක්ෂක ගිවිසුමකට බැඳී සිටින බැවින් තම සගයන් ආරක්ෂා කිරීමට ඇමරිකාව කටයුතු කරන බවයි.

ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය අලීමා ඛාන් අත්අඩංගුවට - දින 30කට බන්ධනාගාරයට

ඉම්රාන් ඛාන්ගේ සොහොයුරිය අලීමා ඛාන් අත්අඩංගුවට - දින 30කට බන්ධනාගාරයට

හූතින්ගෙන් ඇමරිකාවට ප්‍රහාරයක් නොමැති බවට ප්‍රකාශයක්

මේ අතර, ඇමරිකාව සහ හූති සංවිධානය අතර සන්නිවේදනයක් පවතින බවත්, ඇමරිකාවට එරෙහිව සටන් නොකරන බවට හූතින් එකඟ වී ඇති බවත් ට්‍රම්ප් පවසා තිබේ.

හූති සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද ඇමරිකානු නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල නොකරන බවට තම පාර්ශ්වය සහතික කර ඇති බව Associated Press වෙත පවසා ඇත.

එහෙත් හූතින් සෞදි අරාබියට එරෙහි ප්‍රහාර තවදුරටත් සිදුකරමින් සිටින අතර, පසුගිය දිනවල රියාද් නගරය ඇතුළු සෞදි ප්‍රදේශ වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවද වාර්තා වී තිබේ.

හූති සංවිධානය යේමනයේ රතු මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සිය පාලනය පුළුල් කර ඇති අතර, බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේද බලපෑම වැඩිකරගෙන තිබීම හේතුවෙන් කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනය සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබේ.

''නීති පට්ටම බල්ලාට දාලා බල්ලන් බලන රැකියාවට ගිය UK තරුණිය'' - දැන් උපයන මුදල ඇහුවොත් පුදුම හිතෙයි

''නීති පට්ටම බල්ලාට දාලා බල්ලන් බලන රැකියාවට ගිය UK තරුණිය'' - දැන් උපයන මුදල ඇහුවොත් පුදුම හිතෙයි