මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න
2026 අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව උසස් පෙළ ලිඛිත විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දිවයින පුරා පැවැත්වීමට කටයුතු සලසා ඇත.
එබැවින් (2026.09.24 – 2026.10.03) දක්වා නර්තනය (දේශීය) නර්තනය (භරත) සංගීතය (පෙරදිග) සංගීතය (කර්ණාටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව (සිංහල) නාට්‍ය හා රංග කලාව (දෙමළ) නාට්‍ය හා රංග කලාව (ඉංග්‍රීසි) යන විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නියමිතව ඇත.
එසේම ඉංජිනේරු තාක්ෂණවේදය (2026.09.30 – 2026.10.10) දක්වාත් ගෘහ ආර්ථික විද්‍යාව (2026.10.10 – 2026.10.20) දක්වාත් ජෛව පද්ධති තාක්ෂණවේදය (2026.10.17 – 2026.10.21) දින දක්වාද පැවැත්වීමට නියමිතයි.
හෙට සියලු පාසල් වසයිද? අයහපත් කාලගුණ තත්ත්වයක් පවතින සියලුම දිස්ත්‍රික්කවල පාසල් සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්
ඒ අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉහත විෂයන්හි පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තම අයදුම්පතෙහි සඳහන් ලිපිනයට ද ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට පෙර ලැබෙන සේ තැපෑල මඟින් යැවීමට කටයුතු කර තිබෙන බවයි.
ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වීමට දින 07 කට පෙර සිට ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව සඳහන්.
එමෙන්ම මේ සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් ඇත්නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකි බව සඳහන්.
ලියපු ගුරු විභාගයේ ප්‍රතිඵල ආපු ගමන් සේවයට බඳවා ගන්නේ මේ අයව විතරයි - ගුරුවරු බඳවාගැනීම විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුකරන බව කියයි
ක්ෂණික දුරකථන: 1911,
දුරකථන අංක: 0112785922, 0112784537, 0112786616, 0112784208
විද්‍යුත් තැපෑල: gcealexam@gmail.com