ක්‍රීඩා අමාත්‍යංශය ඉස්සරහින්ම ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රීඩා සතිය වැඩ අල්ලයි[PHOTOS]

Sports Latest Headlines Sunil Kumara Gamage Clean Sri lanka Sinhala news
By Kaushi Jul 26, 2025 05:29 PM GMT
Kaushi

Kaushi

Report

අද(26) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතිය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඊට සමගාමීව Clean Sri Lanka වැඩසටහන හා එක්ව සංවිධානය කළ පාපැදි රැලිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරිපිටින් අද ආරම්භ වූ බව වාර්තා වේ.

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මෙහිදී එම පාපැදි රැලිය තුම්මුල්ල වටරවුමෙන් දකුණට හැරී බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාර, සැවොයි සිනමා ඉදිරිපිටින්, කොල්ලුපිටිය වටරවුමෙන් දකුණට හැරී ලිබර්ටි වටරවුම පසුකොට ටවුන් හෝල්, ඉබ්බන්වෙල හංදිය පසුකොට මරදාන ටෙක්නිකල් හන්දිය පංචකාවත්ත වට රවුමෙන් අලුත් පාලම පසුකර පෑලියගොඩට පිවිස මීගමුව පාර ඔස්සේ ජාඇල පොලීසිය ඉදිරිපිටින් දකුණට හැරී ඒකල පාර ළමා උද්‍යානය අසලදී ප්‍රථම විවේකය ගෙන තිබෙනවා.

ඉන්පසුව එතනින් වමට හැරී කොටුගොඩ පාලම, උඩුගම්පොළ හංදිය පසුකර ගම්පහ ගුවන් පාලමින් ඉදිරියට ගොස් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල 50km සම්පූර්ණ කර ඇත.

අඳාළ ස්ථානයේ පටන් 50km ධාවන ඉසව්ව ආරම්භ වූ බව සඳහන්. මිරිස්වත්ත, වැලිවේරිය, දෙල්ගොඩ, කඩුවෙල හංදිය පසුකොට මාලඹේ, අතුරුගිරිය පාරේ අධිවේගය මාර්ගය අසලට පිවිස එතැන් සිට 25km ධාවන ඉසව්ව ආරම්භ වී තිබෙනවා.

හෙට උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

හෙට උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

අතුරුගිරිය හංදිය, කොට්ටාව, හයිලෙවල් මාර්ගය හරහා පන්නිපිටිය, මහරගම, නාවින්න, දෙල්කඳ පසුකොට නුගේගොඩ ගුවන් පාලම ඔස්සේ කිරුලපන ලලිත් ඇතුලත්මුදලි ක්‍රීඩාංගණය අසලින් 5 km ධාවන ඉසව්ව ආරම්භ වූ බව පවසයි.

එතැන් සිට හැව්ලොක් සිටි ඉදිරියෙන් තුන්මුල්ල හරහා තර්ස්ටන් පාරට පිවිස නෙලුම් පොකුණ ඉදිරිපිටින් පැමිණ නිදහස් චතුරස්‍රය අසලින් පාපැදි රැලිය නිමාවට පත්ව ඇති බව වාර්තා වේ.

එසේම අද දින ජිම්නාස්ටික්, වූෂු,ටයිකොන්ඩෝ,කරාතේ,පාපන්දු ඉසව් ප්‍රදර්ශනාත්මක තරග ලෙස පැවැත් වූ අතර එම තරග ඉසව් වෙනුවෙන් සහභාගී වූ සියලුම දෙනාට සහතිකපත්‍ර ප්‍රදානය කිරීම ද සිදුව ඇත.

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha