හෙට උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

Report

ජනාධිපති කාර්යාලයෙන් අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උසස්‍ පෙළ විශිෂ්ටයන් 360 දෙනෙක්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ නැගෙනහිර පළාත් වැඩසටහන යටතේ මෙම ඇගැයීම සිදුකිරීමට නියමිත බව සඳහන්.

වැලිකඩ නෙවේ මොකේ දැම්මත් වැඩක් නෑ, මහින්ද අලුත්ගමගේ නලින් හිටපු කේ වාට්ටුවෙන් ෆෝන් හයක් හොයා ගෙන

වැලිකඩ නෙවේ මොකේ දැම්මත් වැඩක් නෑ, මහින්ද අලුත්ගමගේ නලින් හිටපු කේ වාට්ටුවෙන් ෆෝන් හයක් හොයා ගෙන

හෙට (27) දින පෙරවරු 9.00ට මඩකලපුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේදී මෙම ඇගැයීමේ උත්සවය පැවැත් වීමට සූදානම කර ඇත.

ඒ අනුව මෙම වැඩසටහන ඔස්සේ 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ටතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනෙක් බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදු කරන බව පවසයි.

එසේම පළාත් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉකුත් දින උතුරු පළාතෙන් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු වැඩසටහන කිළිනොච්චියේදීත්, දෙවන වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් මාතර දිස්ත්‍රික්කයේත් ක්‍රියාත්මක කර ඇත.

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

එසේම නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් හෙට පැවැත්වෙන්නේ එහි තුන්වන වැඩ සටහන වීමද විශේෂත්වයක්.

ඊට අමතරව මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් කතානායක ජගත් වික්‍රමරත්න මහතා සහභාගී වීමට නියමිතව ඇත.

එසේම ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටින බව සඳහන්.  

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?

කෝටි 500ක චෝදනාවකට හිටපු ඇමතිවරයෙක් අත්අඩංගුවට?