මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු
මහ බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සිව් දෙනෙක්ගෙන් යුත් පවුලක් 2024 වසරේදී වක්‍ර බදු වශයෙන් රුපියල් 176,841 ක අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇතැයි තහවුරු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2023 වසරේදී මෙම පවුල රුපියල් 303,860 ක් වක්‍ර බදු වශයෙන් ගෙවා ඇත.
එසේම 2024 වසරේදී එය රුපියල් 480,701 දක්වා ඉහළ යනු ඇති බවට ගණන් බලා ඇති බව සඳහන් වේ.
එමෙන්ම මාසිකව සලකා බලන විට, 2023 වසරේදී පවුලක් ගෙවන ලද සාමාන්‍ය වක්‍ර බදු මුදල රුපියල් 25,321 ක් බව සඳහන්.
එසේ වුවද 2024 වසර වන විට මෙම මාසික වක්‍ර බදු මුදල රුපියල් 40,058 දක්වා ඉහළ යනු ඇති බවට වාර්තා වේ.
ඒ අනුව 2024 දී පවුලකට මාසිකව රුපියල් 14,737 ක වැඩිපුර බදු මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව ද වාර්තා වේ.
එසේම 2024 වසරේදී රාජ්‍ය සේවකයන්ට රජයෙන් රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන්නද, බදු අඩු කිරීමෙන් පසු අතට ලැබෙන ශුද්ධ මුදල රුපියල් 6,400 ක් බව පවසයි.
එබැවින් සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසිකව රුපියල් 14,737 ක් වැඩිපුර බදු ගෙවීමට සිදුවන නිසා මෙම දීමනාවෙන් ලැබෙන වාසිය අඩු වී පවුලකට මාසිකව රුපියල් 8,337 ක් අතින් දැරීමට සිදුවන බව පෙනී යයි.
