සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 400කට වැඩි ගණනක් අතුරුදන්.
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ නවතම වර්තාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය සතු වාහන 439ක් අස්ථානගත වී තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන කළමණාකරණය සම්බන්දයෙන් මිට වසර හතරකට පමණ පෙර ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව අමාත්‍යංශය සතු වාහන 679ක් අස්ථානගත වී ඇති බව ද සඳහන්.
මෙහිදී ඉන් වාහන 240ක් හදුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රකාශ කළ ද, එය තහවුරු කරගැනිම සඳහා ලබා දී ඇති තොරතුරු ප්‍රමාණවත් නොවන බවයි විගණන කාර්යාලය පවසන්නේ.
මින් වාහන 240ක් හදුනාගත් බැව් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ප්‍රකාශ කළද එය තහවුරුකරගැනිම සඳහා ප්‍රමාණවත් තොරතුරු විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
මෙකි විශේෂ විගණන වාර්තාව නිකුත්කොට වසර 04ක් ගතවි ඇතත් අස්ථානගත වි ඇති වාහන 439 පිළිබඳ තොරතුරු සොයා ගැනීමට නොහැකිවි ඇති බවද නව විගණන වාර්තාවේ සදහන් වේ.
