ගුරු සේවයට බැඳෙන්න ඉන්න අය අනිවාර්යෙන් කියවන්න - අයදුම්පත් අවසන් දිනය මෙන්න

By Zara Mar 21, 2025 02:30 PM GMT
Report

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් ව ඇත්තේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020/2022 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව teacher.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි ඊයේ (20) දින සිට එළැඹෙන (28) දින දක්වා එම ශික්ෂණලාභීන්ට ‍මේ සඳහා අයදුම් කළ හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසනු ලබනවා.

එමෙන්ම මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකි බවද අමාත්‍යංශ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

බිහිසුණු ගුවන් අනතුර ගැන හොයන්න කමිටුවක්

බිහිසුණු ගුවන් අනතුර ගැන හොයන්න කමිටුවක්

බෝනස් එක රුපියල් ලක්ෂයකින් ඉහලට...අවුරුදු වාසියක් ?

බෝනස් එක රුපියල් ලක්ෂයකින් ඉහලට...අවුරුදු වාසියක් ?