“ජාතිවාදය හදපු ඒ පරණ යුගය ඉවරයි” ඇමති විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්

Report

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසුගිය කාලසීමාව තුළ රටේ ආර්ථිකය කඩා වැටී බංකොලොත් තත්ත්වයට පත්වූ ආකාරයත්, යුද්ධයෙන් පසුව ලැබුණු ජාතික සමගිය සඳහා වූ අවස්ථා පටු දේශපාලන අරමුණු හේතුවෙන් අහිමි වූ ආකාරයත් සිහිපත් කළේය.

කෙසේ වෙතත්, 2024 වසරෙන් පසු රට තුළ ජාතිවාදී හෝ ආගම්වාදී ගැටුම් සඳහා ඉඩක් නොමැති බවද ඔහු අවධාරණය කළේය. රටේ ආර්ථිකය, නීතිය සහ විනය යළි ගොඩනැගීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජන කොටස් එකමුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.

“මුස්ලිම් වුණත්, සිංහල වුණත් අප සියලු දෙනාම මනුෂ්‍යයෝ. අප අතර වෙනසක් නැහැ. භාෂා, ආගම් හෝ කුල භේදයකින් තොරව එකම මවකගේ දරුවන් මෙන් එකට ජීවත් විය යුතුයි” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.   

හරක්කටාගේ කෝටි 12 අල්ලස් සිද්ධියෙන් දේශපාලනය උණුසුම් වෙයි - සාගල රත්නායක සහ සමන් ඒකනායකගේ නම් එළියට

හරක්කටාගේ කෝටි 12 අල්ලස් සිද්ධියෙන් දේශපාලනය උණුසුම් වෙයි - සාගල රත්නායක සහ සමන් ඒකනායකගේ නම් එළියට

එමෙන්ම, වසර 70කට අධික කාලයක් සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය රටේ සියලු ජාතීන් වෙනුවෙන් සිදු කළ සමාජ සුභසාධන කටයුතුද ඔහුගේ ඇගයීමට ලක් විය.

විශේෂයෙන්ම මෑතකදී ඇති වූ ගංවතුර සහ සුළි සුළං ආපදා අවස්ථාවලදී, දකුණේ සිට පැමිණි මුස්ලිම් තරුණ ස්වේච්ඡා කණ්ඩායම් දුෂ්කර ප්‍රදේශවලට ගොස් සිදු කළ සහන සේවා කටයුතු තුළින් සහෝදරත්වය හා එකමුතුකම ප්‍රායෝගිකවම ඔප්පු වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  

පාසල්වලට දෙනවා කිව්ව ස්මාර්ට් බෝඩ්වලට වුණේ මොකක්ද? ප්‍රායෝගික ඇත්ත මෙන්න

පාසල්වලට දෙනවා කිව්ව ස්මාර්ට් බෝඩ්වලට වුණේ මොකක්ද? ප්‍රායෝගික ඇත්ත මෙන්න