අද සහ හෙට ලංකාවට වෙන්න යන දේ දන්වා දිවයිනටම නිවේදනයක් - ඉදිරි මාස ගැනත් රතු එළියක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ඉකුත් කාලය පුරා දැඩි වියළි කාලගුණයක් පැවැති මොනරාගල, අම්පාර, බදුල්ල, මඩකලපුව සහ නැගෙනහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට අද (04) සහ හෙට (05) තද වැසි ඇති විය හැකි බවයි.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේ සැප්තැම්බර් මාසයේ අග භාගයේ සිට දිවයින පුරා සාමාන්‍ය පරිදි වර්ෂාපතනයක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
එසේම ඔහු සඳහන් කළේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ඊයේ (04) දින නිකුත් කළ වාර්තාවකට අනුව, දැනට පවතින 'එල් නිනෝ' තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බවයි.
ඒ අනුව මෙම තත්ත්වය ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වන විට ඉතා ප්‍රබල මට්ටමකට ළඟා වීමට නියමිත බවත් ඒ සමගම මෙරට සාමාන්‍ය වර්ෂාපතන රටාවේ දැඩි වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවත් අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා කියා සිටියා.
එසේම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ මේ හේතුවෙන් එළඹෙන දෙසැම්බර් මාසයේදී දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
එමෙන්ම ලබන වසරේ පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාසවලදී වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු වී, දිවයින පුරා යළිත් දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු පැවසුවා.
එසේම ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) දින පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත හය ශ්‍රේණියට අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිසුන්ට විශේෂ නිවේදනයක්
එමෙන්ම ඇතැම් ස්ථානවලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතින බවත් වාර්තා වේ.
ඊට අමතරව හෙට (05) දින දහවල් 12:08ට මොරටුව, කැස්බෑව, පොල්ගස්ඕවිට, හඳපාන්ගොඩ, ශ්‍රී පලාබද්දල, බොගවන්තලාව, ඉදල්ගස්හින්න, යුදගනාව, කොටියාගල, පානම යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතියි.
එසේම හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව සඳහන්.
අද දේශපාලන ඉතිහාසයම සලිත වෙයි - හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ගේ අත්අඩංගුවට ගැනීම ගැනත් අල්ලස් කොමිසමෙන් නිල නිවේදනයක්
මුලතිව් සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව ඔස්සේ පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද වාර්තා වේ.
එමෙන්ම සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. තවද හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60ක් දක්වා වැඩි විය හැකි බව පවසයි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාවක් ද පවතින බව සඳහන්.