පාසල්වලට දෙනවා කිව්ව ස්මාර්ට් බෝඩ්වලට වුණේ මොකක්ද? ප්‍රායෝගික ඇත්ත මෙන්න

By Aylin Zoya Jun 28, 2026 01:35 PM GMT
Report

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් සූදානමක් නොමැති බවට සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පෙන්වා දෙයි.

එම සංගමයේ සභාපති පූජ්‍ය යලේවල පඤ්ඤාසේකර හිමියෝ පවසන්නේ මෙම වැඩපිළිවෙළ ඉක්මනින් හා නිසි සැලසුමකින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඔහු පෙන්වා දෙන්නේ පෙර වාරයේදීද මොඩියුල නිසි ලෙස සකස් නොවීම හේතුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අසාර්ථක වූ බවයි. ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් ක්‍රියාත්මක කළ සමහර ක්‍රියාදාම සම්බන්ධයෙන්ද විවේචන පවතින බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව, වාරයකට පමණක් නොව, සමස්ත අධ්‍යාපන වසරම ආවරණය වන පරිදි මොඩියුල නිසි ලෙස සකස් කළ යුතු බවත්, එමගින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය රැකගත හැකි බවත් ඔහු අවධාරණය කළේය.

තරුණයෝ ආයෙත් පෝලිම්වල? තරුණයින් රට හැර යනවා - දිලිත්ගෙන් ආණ්ඩුවට කනේ පාරක්

තරුණයෝ ආයෙත් පෝලිම්වල? තරුණයින් රට හැර යනවා - දිලිත්ගෙන් ආණ්ඩුවට කනේ පාරක්

තවද, සකස් කර ඇති මොඩියුල අධ්‍යයනය කිරීම සඳහා ගුරු වෘත්තීය සංගම් හා විද්වතුන්ට අවස්ථාව ලබාදිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ජාතික අධ්‍යාපන කොමිසම මේ දක්වා පැහැදිලි ප්‍රතිපත්ති සකස් කර නොමැති බවටද චෝදනා එල්ල වන අතර, නව වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් හා අත්පොත් තවමත් සම්පූර්ණ වී නොමැති බවද සඳහන් වේ.

හරක්කටාගේ කෝටි 12 අල්ලස් සිද්ධියෙන් දේශපාලනය උණුසුම් වෙයි - සාගල රත්නායක සහ සමන් ඒකනායකගේ නම් එළියට

හරක්කටාගේ කෝටි 12 අල්ලස් සිද්ධියෙන් දේශපාලනය උණුසුම් වෙයි - සාගල රත්නායක සහ සමන් ඒකනායකගේ නම් එළියට

අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වැඩපිළිවෙළක් ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නම්, අවම වශයෙන් අගෝස්තු මාසය වනවිට සියලු සැලසුම් හා සූදානම් කටයුතු අවසන් විය යුතු බවත්, ගුරු පුහුණු වැඩසටහන්ද නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

එමෙන්ම පාසල්වලට ස්මාර්ට් බෝඩ් ලබාදෙන බවට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන්ද ප්‍රායෝගික ක්‍රියාත්මක වීම තවමත් සිදුව නොමැති බවට විවේචන පවතින බව වාර්තා වේ.