“ඔබ අපව දැකීමට සතුටුද?” - සාමාජිකාවන් දෙදෙනෙකු නොමැතිවත් ලන්ඩනය වසඟ කළ ගැහැණු සංගීත කණ්ඩායම [VIDEO]

Report

ජනප්‍රිය ගැහැණු සංගීත කණ්ඩායමක් වන Katseye සිය සාමාජිකයන් දෙදෙනෙකු නොමැතිව වුවද එක්සත් රාජධානියේදී පැවැත්වූ පළමු පූර්ණ ප්‍රසංගයේදී දැවැන්ත රසික ප්‍රතිචාරයක් හිමිකරගෙන තිබේ.

ලන්ඩනයේ O2 Arena හි පැවති ප්‍රසංගයට කණ්ඩායමේ සාමාජිකයන් හය දෙනාගෙන් සිව්දෙනෙකු පමණක් සහභාගී වූ අතර, Manon Bannerman සහ Sophia Laforteza සෞඛ්‍ය හේතූන් මත මේ වනවිට සංගීත කටයුතුවලින් තාවකාලිකව ඉවත්ව සිටිති.

කෙසේ වෙතත්, සාමාජිකයන් දෙදෙනෙකු නොමැති වීම ප්‍රසංගයේ උද්යෝගයට විශාල බලපෑමක් සිදුකර නොමැති අතර, ප්‍රසංගය ආරම්භ වීමටත් පෙර O2 Arena පුරා රසිකයන්ගේ කෑගැසීම් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැය තුනකට ආසන්න කාලයක් පැවති ප්‍රසංගය පුරා Megan Skiendiel, Yoonchae Jeong, Lara Raj සහ Daniela Avanzini රසිකයන් උද්යෝගිමත් කරමින් ජනප්‍රිය ගීත සහ සංකීර්ණ නර්තන අංග රැසක් ඉදිරිපත් කර තිබේ. “ඔබ අපව දැකීමට සතුටුද?” යනුවෙන් කණ්ඩායමේ ළාබාලතම සාමාජිකාව වන Yoonchae රසිකයන්ගෙන් විමසූ අතර, Megan පවසා ඇත්තේ මෙය තමන්ට මෙතෙක් හමුවූ “ඝෝෂාකාරීම රසික පිරිස” බවයි.

Katseye හි Wildworld ලෝක සංචාරයේ දෙවැනි ප්‍රසංගය මෙය වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ කණ්ඩායම සම්බන්ධ තොරතුරු නිරන්තරයෙන් අනුගමනය කරන රසිකයන් බොහෝ දෙනෙකු ගීත සහ නර්තන අංග පිළිබඳව දැනුවත්ව සිටීම විශේෂත්වයකි.

2023දී ආරම්භ වූ ගමන ලොස් ඇන්ජලීස් කේන්ද්‍ර කරගත් බහුජාතික ගැහැණු සංගීත කණ්ඩායමක් වන Katseye 2023 වසරේදී The Debut: Dream Academy නම් ඔන්ලයින් රියැලිටි තරගාවලිය හරහා නිර්මාණය විය.

මෙම වැඩසටහන දකුණු කොරියානු විනෝදාස්වාද සමාගමක් වන Hybe සහ ඇමෙරිකානු වාර්තාගත සංගීත සමාගමක් වන Geffen එක්ව නිර්මාණය කර තිබූ අතර, ආරම්භයේදී අයදුම්කරුවන් 120,000ක් පමණ අතරින් සාමාජිකයන් හයදෙනෙකු තෝරා ගැනිණි. K-Pop ක්‍රමවේදයට අනුකූල දැඩි පුහුණුවක් ලැබූ Katseye 2025 වසරේදී විශාල ජනප්‍රියත්වයක් අත්කර ගත්තේය.

විශේෂයෙන් Gnarly ගීතය සහ ඉන් අනතුරුව නිකුත් වූ Gabriela ගීතය හරහා ඔවුන් ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් දිනාගත්හ. සාමාජිකයන් දෙදෙනෙකු තාවකාලිකව ඉවතට Katseye හි සාමාජිකයන් දෙදෙනෙකු මේ වනවිට කණ්ඩායමේ ක්‍රියාකාරකම්වලින් තාවකාලිකව ඉවත්ව සිටීම සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමුව තිබේ.

''ජීවිතය අවසන්ය නමුත් ආදරය සදහටමයි ''සදහටම වෙන්ව ගිය මහප්පා වෙනුවෙන් දිනක්ෂි තැබූ සංවේදී සටහන මෙන්න

''ජීවිතය අවසන්ය නමුත් ආදරය සදහටමයි ''සදහටම වෙන්ව ගිය මහප්පා වෙනුවෙන් දිනක්ෂි තැබූ සංවේදී සටහන මෙන්න

Manon පෙබරවාරි මාසයේදී තම සෞඛ්‍යය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා කණ්ඩායමෙන් තාවකාලිකව ඉවත්වන බව නිවේදනය කළාය.

ඉන් අනතුරුව Sophia ද තම මානසික සෞඛ්‍යය සහ යහපැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා විවේකයක් ලබාගන්නා බව ප්‍රකාශ කළාය. Sophia යුරෝපා සංචාරයේදී යළි කණ්ඩායම සමඟ එක්වනු ඇතැයි මුලින් බලාපොරොත්තු වූ නමුත් එය සිදු වී නොමැත.

කෙසේ වෙතත්, ඇයගේ මව සඳහන් කර ඇත්තේ මෙම විවේකය තාවකාලික එකක් බවයි. Katseye ද ප්‍රසංගයේදී Sophia කණ්ඩායමේ කොටසක් ලෙස තවදුරටත් ගෞරවයට ලක් කරමින්, Mean Girls සහ Pinky Up වැනි ගීතවල ඇයගේ පෙර පටිගත කළ හඬ භාවිත කර තිබේ.

සජීවී ගායනය ගැනත් අවධානය ඩබ්ලින් නුවර පැවති සංචාරයේ ආරම්භක ප්‍රසංගයෙන් පසුව Katseye වේදිකාවේ සජීවීව ගායනා නොකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වෙතත්, ලන්ඩන් ප්‍රසංගය නිරීක්ෂණය කළ විචාරකයන් පෙන්වා දෙන්නේ සාමාජිකයන්ගේ මයික්‍රෆෝන ක්‍රියාත්මකව තිබූ අතර, ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ ගායනයට පසුබිම් හඬක් එක්කර තිබූ බවයි.

Tonight I Might සහ My Way වැනි මන්දගාමී ගීතවලදී සාමාජිකයන් සිය සජීවී ගායන හැකියාවද ප්‍රදර්ශනය කර තිබේ. Laraගේ ඒකල ඉදිරිපත් කිරීමක් වූ unloveu ද ප්‍රසංගයේ කැපී පෙනෙන අංගයක් වූ අතර, එය Katseye සාමාජිකයෙකු විසින් රචනා කළ පළමු ගීතය ලෙස හඳුන්වා දී තිබේ.

Danielaගේ අභියෝගාත්මක නර්තන අංග සහ Meganගේ Pinky Up ගීතය අවසානයේ ඉදිරිපත් කළ විශේෂ නර්තනයද රසිකයන්ගේ දැඩි අවධානයට ලක්විය. ප්‍රසංගයේ අවසන් අදියරේදී Iconic By Mistake සහ Gnarly ගීත ඉදිරිපත් කරමින් Katseye දැවැන්ත උද්යෝගයක් නිර්මාණය කර තිබේ.

සාමාජිකයන් දෙදෙනෙකු නොමැති වීමෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ වුවද, ලන්ඩන් ප්‍රසංගය Katseye කණ්ඩායමේ වේදිකා විශ්වාසය සහ වෘත්තීයභාවය මනාව පෙන්වා දුන් ප්‍රසංගයක් බව විචාරකයන් පෙන්වා දෙයි. ප්‍රසංගය අවසානයේ Yoonchae රසිකයන්ට පවසා ඇත්තේ, “මේ සමුගැනීමක් නොවේ. අපි නැවත එනවා” යනුවෙනි.

Katseyeගේ Wildworld ලෝක සංචාරය වසර අවසානය දක්වා පැවැත්වීමට නියමිත අතර, ලන්ඩනයෙන් අනතුරුව ඔවුන් මැන්චෙස්ටර් සහ යුරෝපයේ තවත් නගර කිහිපයක ප්‍රසංග පැවැත්වීමට නියමිතය.

"ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද කියලා" - අනර්කලී ආකර්ෂා කියූ වෙනස්ම කතාව මෙන්න

"ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද කියලා" - අනර්කලී ආකර්ෂා කියූ වෙනස්ම කතාව මෙන්න