සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥ‍යෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් [VIDEO]

Report

අනුරාධපුර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියකට සිදුවූ බව කියන අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි විවිධ පාර්ශවයන් නගන ප්‍රශ්නවලට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇත.

එහිදී ඇය සඳහන් කළේ ඇතැම් ප්‍රකාශ සඳහා ප්‍රතිචාර දීමෙන් වැළකී සිටියේ වින්දිත පාර්ශවයන්ගේ ආරක්ෂාව සඳහා බවත් විශ්වසනීයත්වය කඩ කිරීම සඳහා විපක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් සිදු කරන ලද වෑයමට තදින් විරෝධය දක්වන බවත් ය.

එසේම මේ වන තෙක් අඳාළ සිදුවීමේ සිදු කළ සියලු ක්‍රියාදාමයන් කිසිදු අතපසුවීමකින් තොරව සිදු කිරීමට වගකීමෙන් කටයුතු කළ බවත් පෙන්වා දෙන ඇය වින්දිත දැරියට නීතීඥයන් ලබා නොදීම සම්බන්ධයෙන් විමසන අය සඳහා ද අදහස් දක්වා සිටියා.

18ට වැඩි සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මේ දේ නොකොලොත් මාස 6ක සිරදඩුවමක්

18ට වැඩි සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මේ දේ නොකොලොත් මාස 6ක සිරදඩුවමක්

" වින්දිත දරුවන් සහ කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව අනාවරණය නොකිරීමටත් ඒ අතරින් ඔවුන්ගේ ජීවිතවලට දීර්ඝකාලීනව බලපෑම් ඇති නොවන විදිහට පෞද්ගලිකත්වය සහ අනන්‍යතාවය සුරැකීමට අප අමාත්‍යාංශය යටත්. ඒ හේතුවෙන් මෙම සිද්ධියේ තොරතුරු සහ විමර්ශන තොරතුරු අනාවරණය කිරීමෙන් වැලකී සිටිනවා. ඒකෙ තේරුම නීතිය ක්‍රියාත්මක කරන ආයතන පිළිබඳව කිසිම වෙලාවක විශ්වසනීයත්වය කඩ කිරීම සඳහා විපක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් සිදු කරන ලද වෑයමට අපේ තාමත්ම තදින් විරෝධය ප්‍රකාශ කරනවා. මොකද මේ වෙලාවෙ මෙවැනි සිදුවීම් දඩමීමා කරගෙන දේශපාලන වාසි ගැනීමට උත්සාහ කරනවා. අපි එවැනි සිදුවීම්වලට කිසිම වෙලාවක ප්‍රතිචාර දැක්වීමට සූදානම් නැහැ. ඒ නිසා තමයි අපි ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියේ. හැබැයි අපි කිසිදු ක්‍රියාමාර්ගයක් අතහැරලා හෝ මගහැරලා නැහැ මේ සියලු ක්‍රියාමාර්ග ඉතාමත්ම හොඳින් අරගෙන තියෙනවා...මේ වෙනකොට ඒ දරුවා ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධීක්ෂණය යටතේ වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා තිබෙනවා. ඒ දරුවා ආරක්ෂිතව ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපි මේ වනවිට ඒ දරුවාගේ මවත් සැකකාරියක් ලෙස රිමාන්ඩ් කරලා තියෙන නිසා ඒ නිවසේ මේ දැරියට බාල නැගණියක් සහ වැඩිමල් සහෝදරයාගේ දියණියක් ඉන්නවා. මේ දරුවන් දෙදෙනාවත් ළමා පනත යටතේ ආරක්ෂිතභාරයට පත් කිරීම සඳහා අපේ අමාත්‍යාංශය පැත්තෙන් උපරිම මැදිහත්වීම් ටික කරලා තියෙනවා..... මේ දරුවාත් අදාළ පැමිණිල්ලේ සාක්ෂිකාරිනියක් හැටියට තමයි නම් වෙන්නේ. මෙහි පැමිණිලි පාර්ශ්වය වෙන්නේ පොලිසිය. පොලිසිය කියන්නෙත් රජය. දරුවා වෙනුවෙන් කිසිම දෙයක් රජය කළේ නෑ කියන කට්ටියට මං මේ කියන්නේ මේ දැරිවිය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවන්නේ පොලිසිය, මේ වන විට අදාළ සියලූම සාක්ෂි සටහන් කර ගැනීම, කට උත්තර ලබා ගැනීම ස්ථාන පරික්ෂාව, රස පරීක්‍ෂණ වාර්තා සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යය ලබා ගැනීම, විශේෂයෙන්ම වළලා තබන ලදැයි කියන රෙදි පිළි අඳුනා ගැනීම, ඒවා රස පරීක්‍ෂණය සඳහා යොමු කිරීම ආදී සියල්ල මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ. පොලිසිය විසින් අනාවරණය කරගත්තු සාක්ෂි අනුව විමර්ශන ප්‍රතිඵල අනුව මේ පැමිණිල්ල මෙහෙයවෙමින් යනවා. දරුවා තව දුරටත් අධිකරණයට අනාවරණය කිරීම හෝ බාහිර පාර්ශ්වයට අනාවරණය කිරීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඇත්තටම මේ ළමා ආරක්ෂණ නඩු ආරක්ෂිතව, විශ්වසනීයව, රහසිගතව පවත්වාගෙන යාම සඳහා වන ක්‍රමවේදය වෙනුවෙන් තමා අපි හැමදාම කටයුතු කරේ. මෙවරත් මේ අඳාළ සිදුවීමේදීත් දරුවාගේ සාක්ෂි සටහන් කර ගැනීම පවා සිද්ධ වෙලා තියෙනවා.

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

සමාජ මාධ්‍ය කැලඹූ වීඩියෝවෙන් පසු ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

පොලිසියට මේ කරුණු පදනම් කරගෙන මේ නඩුව ඉදිරියට ගෙනයාමේ හැකියාව තියෙනවා. මොකද පැමිණිලි පාර්ශවය වෙන්නෙම රජය. මේ දරුවා වෙනුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කරගෙන ගොනු කරගෙන යන්නේම රජය හැටියට පොලිසිය. ඒ නිසා නීතිඥයෙක් දරුවා වෙනුවෙන් ඉදිරිපත් වෙලා නැහැ කියන චෝදනාව මේ නඩුවේ ස්වභාවය අනුව මට කියන්න තියෙන්නේ ඒක අදාළ නොවන බව. අපි දැක්කා නීතිඥ මහත්ම මහත්මීන් දරුවා වෙනුවෙන් ඉදිරිපත් වීමට කැමැත්ත පළ කරලා තියෙනවා. අපි ඒ සඳහා ඉතාමත්ම කෘතවේදී වෙනවා. ඇත්තටම අපි මේ වෙලාවේ ළමයා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා නීතිපතිතුමාට ඉල්ලීමක් කර තිබෙනවා...විශේෂයෙන්ම කියන්න ඕන දේ තමා ළමා ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීම මත මෝසමක් මඟින් සාක්ෂිකරුවන් නම් කිරීමටත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කළේ අපේ අමාත්‍යංශයෙන්. ළමා ආරක්ෂණ අධිකාරියේ මැදිහත්වීමෙන් මෝසමක් මඟින්. මෙතනින් එහාටත් මේ දරුවාගේ ඉදිරි නීතිමය කටයුතු සඳහා අපි නීතිපතිතුමාගේ උපදෙස් ඉල්ලලා තියෙන්නේ. ඒ දරුවාගේ උපරිම ආරක්ෂාව සඳහා. දරුවා බාහිර පාර්ශවයට අනාවරණය කිරීම හෝ මේ සිදුවීම් පුනරුච්චාරණය වීම වළක්වා ගනිමින් මේ නඩුව අරන් යන්න පුළුවන්. අපි මේ වෙනකොට වින්දිතයන් වගේම සැකකාරවනුත් නීතිය හමුවට පමුණුවලා තියෙනවා. මෙතනින් එහාට ඒක නීතියේ කාරණයක්. අපි පසුවිපරමට මැදිහත් වෙනවා. ඉතාම වගකීමෙන් කියනවා අපි මේ වගකීමෙන් බැහැර වෙලා නැහැ. මේ දක්වා වූ සියලු ක්‍රියාමාර්ග කිසිදු අත්පසුවීමකින් තොරව සිදුවෙලා තියෙනවා."

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්

වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්