වෙසක් එකට තවත් වෙනසක් - මීට පස්සේ දන්සල්වලට පිරිස ගෙන්වන්න මේවා කරන්න බෑ - දිවයිනටම විශේෂ චක්‍රලේඛයක්
මින් ඉදිරියට දන්සැල් පැවැත්වීමේදී ජනතාව ඒ වෙනුවෙන් යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළ යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා සඳහන් කර ඇත.
ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සඳහා අද (18) දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නිකුත් කර ඇති බව ඔහු පැවසූ බව වාර්තා වේ.
"දන්සැල් පැවැත්වීමේදී අපි මේ වෙනකොට චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා සමස්ත ලංකාවටම, දන්සැල් සඳහා ජනතාව යොමු කිරීමේදී බෞද්ධ කොඩිය භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩියක් භාවිත කරන්න කියලා. අමාත්‍ය මණ්ඩල අනුමැතියක් එක්ක මේ වෙනකොට චක්‍රලේඛනයක් නිකුත් කරලා තියෙනවා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කරලා තියෙනවා ඒ වගේම සියලුම සාසන ආරක්ෂණමණ්ඩල ස්වාමීන් වහන්සේලා, පොලිස්පති තුමාත් දැනුම්වත් කරලා තියෙන්නේ. විශේෂයෙන් දන්සැල් පමණක් නෙමෙයි සමහර නොගැලපෙන පූජාවන්වලට නොගැලපෙන කාරණා නියාමනය කිරීමටත් එම චක්‍රලේඛනයෙන් උපදෙස් ලබා දී තිබෙනවා."