ළඟදීම ලංකාවේ ටයිල් අඩුවට
By Kanchana
කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා සදහන් කරන්නේ ජනතාවට ඉදිරියේ දී මෙරට නිෂ්පාදනය කරනු ලබන ටයිල් සහන මිලකට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.
ඒ වගේම එතුමා සදහන් කළේ ටයිල් සහන මිලකට ලබාදීම සඳහා රජය විසින් නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවයි .