අවම වැටුප ගැන තීරණයක්?. මේ ඒ ගැනයි..

Report

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් පෙත්සමක්  ගොනු කර තිබුණේ ය.

අවම වැටුප ගැන තීරණයක්?. මේ ඒ ගැනයි.. | Minimum Daily Wage For Plantation Labourers

එලෙස ගොනුකර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළේ ය.

අද මෙම පෙත්සම කැඳවනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ය.

වීසා ගැන රජයෙන් අලුත්ම තීරණයක් - ඒ අනුව මින් ඉදිරියට වීසා නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..

වීසා ගැන රජයෙන් අලුත්ම තීරණයක් - ඒ අනුව මින් ඉදිරියට වීසා නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි..


එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කළේ ය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණ අතර ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ය.

එහි වග උත්තරකරුවන් ලෙස කම්කරු ඇමති මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු 52 ක් නම්කර තිබෙනවා.

තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..

තැන්පත්කරුවන් පිරිසකට සුබ ආරංචියක් - අවුරුදු 02ක් ඇතුළත කරන්න යන දෙය මෙන්න..


ඒ අනුව විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම් මේ මස 31 වනද සිදු කරන ලෙසයි.

පෙත්සම්කාර වැවිලි සමාගම් සඳහන් කළේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වශයෙන් 1350ක් සහ රුපියල් 300ක් දීමනාවක් මෙන්ම තවත් රුපියල් 80ක දීමනාවක් අවම වැටුප වශයෙන් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

මීට අදාලව ඉකුත් දා පැවති මැයි දින රැලිවල දී ද දේශපාලකයින් විසින් අදහස් පල කර තිබූ බවත් පෙත්සම්කරුවන් පැවසීය.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..


ඒ අනුව පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවයි.

කෙසේ වෙතත්, මෙය සම්පූර්ණයෙන්ම අතනෝමතික ආකාරයෙන් ගත් තීරණයක් බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වැවිලි සමාගම් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.