අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

Sri Lanka Politician Sri Lanka Cabinet Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani May 28, 2024 10:11 AM GMT
krishani

krishani

Report

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කළ යෝජනාවකට අනුමැතිය ලැබී තිබෙනවා.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි.. | A Compulsory Retirement Scheme

ඒ සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව යෝජිත අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පොහොර සමාගම් දෙකෙහි අරමුදල්වලින් රුපියල් මිලියන 844ක් වැය කිරීමට ය.

මේ වන විට අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය යටතේ විශ්‍රාම ලැබීමට සේවකයින් 267 දෙනෙකු මනාපය පළ කර ඇත.

රටම බලා හිටිය, වැටුප් වැඩි වීම ගැන මේ දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

රටම බලා හිටිය, වැටුප් වැඩි වීම ගැන මේ දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..


කෙසේ වෙතත්, ඒ අනුව රාජ්‍ය ව්‍යවසායයන්හි අතිරික්ත සේවකයින් ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශයන්ට යටත්ව, සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට අදාළව සේවකයින් සඳහා ක්‍රියාත්මක කළ යුතු අනිවාර්ය විශ්‍රාම වන්දි ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.