ඇප ලැබූ මිල්කෝ සේවකයන්.
ඊයේ (25) පස්වරුවේ කොල්ලුපිටිය මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (26) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
මිල්කෝ සමාගමේ සේවකයින් පිරිසක් විසින් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු හට කාර්යාලයෙන් පිටවීම වළක්වා තිබෙනවා.
සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැණුනු තීන්දුවක් මුල් කරගනිමින් ඔවුන් එලෙස කටයුතු කර තිබෙනවා.
කොල්ලුපිටිය පොලිසියේ මැදිහත් වීමෙන් සභාපතිවරයා ඇතුළු පිරිස පිටතට රැගෙන එනු ලැබුවා.
එම සිදුවීමට සම්බන්ධ වූ මිල්කෝ සමාගමේ වෘත්තිය සමිති නායකයින් ඇතුළු සේවකයින් 13 දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ (25) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණා.

මෙරට ප්‍රධාන පෙළේ සමාගමක සභාපතිවරයෙක් ප්‍රධාන කාර්යාලයේ දී ම සිර කරගෙන - සේවකයින් 13ක් එකවරම අත්අඩංගුවට..
