රජයෙන් සුබ පණිවිඩයක්, මේ අය 1000ක ට රජයේ ස්ථීර රැකියා
දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචි කිරීමටත් අනුමැතිය හිමිවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පොදු ප්‍රශ්නයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවද එම අවස්ථාවේදී අමාත්‍යවරයා කියා ඇති බව සඳහන්.
අමත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි
එසේම නිරික්ෂණයෙන් පසුව මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්තමාන කටයුතු, ඉදිරි පියවර සහ පවතින ගැටළු සම්බන්ධයෙන් නිලධාරීන් සහ සේවක මණ්ඩලය සමග ද අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා.