එක්සත් ජාතික පක්ෂයෙන් නවීන් දිසානායක ජනාධිපති ධූරයට? දේශපාලනයේ නව පෙරළියක්

Sri Lanka Politician President of Sri lanka Political Development Latest Headlines Sinhala news
By Ashfa Jul 30, 2025 10:07 AM GMT
Ashfa

Ashfa

Report

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසන්නේ, ජනාධිපති ධූරය සඳහා තමන් සුදුසුකම් ඇති බවට විශ්වාස කරන අතර, සුදුසු අවස්ථාවක් ලැබුණහොත් අනාගත ජනාධිපතිවරණයකට තරඟ වීමට සූදානම් බවය.

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට - යාපනය නඩුවට සාක්ෂි දීමට සුදානම්

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වසර 20කට වැඩි දේශපාලන පළපුරුද්දක් ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, අමාත්‍යවරයෙකු සහ ආණ්ඩුකාරවරයෙකු ලෙස සේවය කළ අත්දැකීම් හා නිසි හැකියාවන් තමන් සතුව ඇති බවයි. තවද, තමන් කිසිදු වංචාකාරී කටයුතුවල යෙදී නොමැති බවද එම සුදුසුකමේ තවත් සාධකයක් ලෙස ඔහු සඳහන් කළේය.

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

වාහනයක් ගන්න අදහසක් තියෙනවනම් අනිවාර්යයෙන්ම මේක කියවන්න - නැත්තම් ඔයාලා අමාරුවේ

මෙම අදහස් නවීන් දිසානායක මහතා පළ කළේ අද (30) කොළඹදී පැවති විශේෂ වැඩසටහනක් අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වෙමින්ය.

”ජනාධිපති වෙන්න ගොඩක් අයගේ සිහින තියෙනවා.සිහින සැබෑ කරන්නේ කොහොමද කියන එක වෙන කතාවක්. 2019 ජන්ධිපතිවරණයෙන් පස්සේ අනුර කුමාර මහත්තයත් එහෙම සිහිනයක ඉන්න ඇති. නමුත් අපි කවුරුත් හිතුවේ නැහැ අනුර කුමාර මහත්තයා ජනාධිපති වෙයි කියල.”

"විෂය මාලාවේ විතරක් නෙමෙයි තවත් වෙනස්කම් ගොඩක්" අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අගමැතිනියගෙන් කරුණු රැසක් එළියට

"විෂය මාලාවේ විතරක් නෙමෙයි තවත් වෙනස්කම් ගොඩක්" අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන අගමැතිනියගෙන් කරුණු රැසක් එළියට

කෙසේවෙතත් තමන්ට ඇති සුදුසුකම් මත අදට වඩා ජනතාව වෙනුවෙන් හොඳ සේවයක් කළ හැකි බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස් දක්වමින් නවින් දිසානායක මහතා පැවසුවේ,

”ආණ්ඩුවේ තියෙන්නේ සීමිත වැඩපිළිවෙලක්. විශේෂයෙන්ම වංචාවට,දුෂණයට, හොරකමට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කරන්නේ. නමුත් මම හැමවෙලාවෙම කියන්නේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්න විශේෂයෙන් ජීවන ප්‍රශ්නය, බඩු මිල, රැකී රක්ෂා ප්‍රශ්නය, ආර්ථික දියුණුව වගේ දේවල් කෙරෙහි කිසිම යොමුකිරීමක් ආණ්ඩුවෙන් වෙන්නේ නැහැ. එක දුරකට ගිහින් මේක හිරවෙනවා. මොකද ආර්ථික වැඩපිළිවෙලක් නැති නිසා ස්ලෝගන්ස් වලින් විතරක් රටක් ගෙනියන්න බැහැ.” යනුවෙනි.

ReeCha