ඉරාන යුද්ධය අවසන් කරන කාලය ගැන ඇමරිකාවෙන් විශේෂ ප්‍රකාශයක්

Report

මේ වනවිට ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන අමෙරිකානු හමුදා මෙහෙයුම් ඉදිරි සති කිහිපය ඇතුළත අවසන් වනු ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා පවසයි.

ඒ අනුව ප්‍රංශයේ පැවැත්වෙන 'G7' නියෝජිත හමුවට සහභාගී වෙමින් ඔහු අවධාරණය කළේ, ඉරානයට එරෙහිව ගොඩබිම් ආක්‍රමණයක් සිදු නොකරම අමෙරිකාවේ සියලු අරමුණු සපුරා ගැනීමට හැකි වනු ඇති බවයි.

මෙම හමුදා මෙහෙයුම මාස ගණනාවක් ඇදී නොගොස් ඉතා කෙටි කලකින් අවසන් කිරීම සිය අපේක්ෂාව බව රාජ්‍ය ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

මේ වාහනවලට ෂෙඩ්වලින් තෙල් නෑ - QR එක හදන්නත් දෙන්නෑ රජයෙන් දැනුම්දීමක්

මේ වාහනවලට ෂෙඩ්වලින් තෙල් නෑ - QR එක හදන්නත් දෙන්නෑ රජයෙන් දැනුම්දීමක්

මේ අතර, යුද්ධය අවසන් වීමෙන් පසුව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය සඳහා ඉරානය විසින් නාවික ගාස්තු පැනවීමට ඇති හැකියාව පිළිබඳවද G7 නියෝජිතයන් සමඟ සාකච්ඡා වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වෙළෙඳ ප්‍රතිලාභ ලබන යුරෝපීය සහ ආසියානු රටවලට නිදහස් ගමන් මාර්ගයක් සුරක්ෂිත කර දීමට නම්, අමෙරිකාව දරන උත්සාහයන්ට එම රටවල සහයෝගය අත්‍යවශ්‍ය බව ද රුබියෝ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා

මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා