මෙන්න මේ ගෞරවාන්විත රැකියාවට යන්න ඔයත් බලාගෙන හිටියද - අයදුම්පත් කැදවලා
2026.03.27 වන දිනැති රජයේ ගැසට් පත්ර අංක 2482 පරිදි ශ්රී ලංකා පොලිසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්, කාන්තා පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියැදුරු යන නිලයන් සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.
මෙම තනතුරු සඳහා උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව මුළු දිවයිනම ආවරණය පරිදි නව නිලධාරී නිලධාරීනියන් 7500 ට ආසන්න ප්රමාණයක් බඳවා ගැනීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වේ .
මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේදී www.police.lk වෙබ් අඩවියට පිවිස join us විකල්පය තෝරා ගැනීමෙන් (Click) හෝ පහත සඳහන් QR කේතය ස්කෑන් (Scan) කර අයදුම්පත්රය වෙත ඇතුළු වී මාර්ගගත ක්රම වේදය ඔස්සේ පමණක් අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.
ඒ වගේම 2026.05.08 වන දිනට පෙර යොමු කල යුතුයි .
අයදුම්පත් යොමු කිරීමේදී යම් ගැටළුවක් වෙතොත් අයදුම්කරුවන් හට පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පහත සඳහන් දුරකථන අංක වැඩිදුර විස්තර දැන ගැනීමේ හැකියාව ඇත.
දුරකථන අංක :-
ස්ථානාධිපති / පොලිස් ආධුනිකයින් බඳවා ගැනීමේ කොට්ඨාසය:- 071-8591925 011-2505202 011-2552953