මේ වාහනවලට ෂෙඩ්වලින් තෙල් නෑ - QR එක හදන්නත් දෙන්නෑ රජයෙන් දැනුම්දීමක්

Report

ලියාපදිංචි නොකළ 48 CC ධාරිතාව සහිත යතුරුපැදි (මදුරුවා) සඳහා ඉන්ධන නිකුත් කිරීමට අදාළව විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට ඩිජිටල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවට වාර්තාවේ.

ඒ  අනුව මෙම යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති වීම හේතුවෙන්, මේ දක්වා QR කේතය මගින් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිව නොතිබූ අතර එමඟින් එම යතුරුපැදි හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටියි.

මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - අප්‍රේල් වෙනකන් සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මුළු ලංකාවටම විශේෂ නිවේදනයක් - අප්‍රේල් වෙනකන් සිදුවෙන දේ ගැන දැනුම්දීමක්

මෙම ගැටලුවට විසඳුම් ලබාදෙමින්, ඩිජිටල් අමාත්‍යාංශය මේ වන විට අදාළ පියවර ගනිමින් සිටින අතර  දැනට පවතින තොරතුරුවලට අනුව, මෙම වර්ගයේ යතුරුපැදියක ඉන්ධන ටැංකියේ උපරිම ධාරිතාව ලීටර් 4 ක් වුවද, අනෙකුත් සාමාන්‍ය යතුරුපැදි සඳහා දැනට ලබාදෙන සතිපතා ලීටර් 08 ක ඉන්ධන කෝටාවම මෙම යතුරුපැදි සඳහා ද ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

මේ රජයේ නිලධාරීන්ට පෞද්ගලික පවිච්චියට රජයෙන් වාහනයක්

මේ රජයේ නිලධාරීන්ට පෞද්ගලික පවිච්චියට රජයෙන් වාහනයක්