කපිල වෙනුවෙන් දුක් වුන උදයංගටත් වැඩ වරදී වගේ - මිග් යානා නඩුව සැප්තැම්බර් 2 කැඳවන්නැයි නියෝග
By Kanchana
මිග්යානා ගෙන්වීමේ දී මූල්‍ය වංචා සිදු කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඇතුලු පිරිසකට එරෙහි නඩුව සැප්තැම්බර් දෙවනදා නීතිපති උපදෙස් සදහා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ප්‍රශ්නගත මිග්යානා 8ක් ගෙන්විමේ දී මූල්‍ය වංචා සිදුකළ බවට උදයංග වීරතුංග මහතා ඇතුලු පිරිසකට චෝදනා එල්ල වී ඇත.
මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (13) යළි කැඳවා තිබුණි .
එහිදි නීතිපති උපදෙස් සදහා නඩුව සැප්තැම්බර් 2 වනදා යළි කැඳවීමට නියෝග කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින උදයංග වීරතුංග මහතා ද නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී සිට ඇත. ඒ වගේම ඉදිරි නඩු දිනය දක්වා විදේශගත වීමට ඔහු කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබා දෙන ලදි .