රටම කතා කළ කපිලගේ මරණය - ඇප දෙන්න ආ තැරැව්කරුවෝ ගැන පොලීසියෙන් අනාවරණයක්

Report

 මේ වන විට මියගොස් සිටින ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් බව කියන පුද්ගලයා ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉර්ෂාන් සහ එම ඇපකරුවන් හඳුන්වා දුන් බව කියන ආරිය තිස්ස ද සිල්වා යන අයයි .

විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලීසිය සඳහන් කළේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවය.

එම ප්‍රකාශය අනුව පළමු සැකකරු විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාමසේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාමසේවා සහතික 7ක් ලබා ගෙන තිබෙන බවත් සැකකරුවන් දෙදෙනා මෙම ග්‍රාමසේවා සහතික පත්‍ර ලබාගෙන තිබෙන්නේ පදිංචිය සහතික කර බවත් පොලීසිය සදහන් කර තිබේ .

ඒ අනුව පළමු හා දෙවන සැකකරු කාලයක් තිස්සේ මේ ආකාරයෙන් ඇප තැබීමේ කටයුතු සිදුකර ඇති අතර මොවුන් සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී වගත් පොලීසිය සදහන් කර තිබේ .

මෙම සැකකරුවන් දෙදෙනා ඇප ලබාදීමට ඉදිරිපත් වූ කපිල චන්ද්‍රසේන නැමති සැකකරු මේ වනවට මියගොස් තිබෙන බවත් එම මරණයට හේතු වූ කරුණු පිළිබඳව තවමත් තීන්දුවක් ලබාදී නොමැති බවත් සඳහන් කළ පොලීසිය මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් මෙම සැකකරුවන් අප ඉල්ලීම්වලට විරුද්ධ වන බවත් ප්‍රකාශ කර තිබේ.

එම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සිදුකළ වරද සම්බන්ධයෙන් නිශ්චිත වගන්තියක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති නිසා ඇප පනත යටතේ ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කිරීමට හැකියාවක් නොමැති බව සදහන් කරන ලදි .

එමෙන්ම එක් එක් සැකකරුට තිබෙන සාක්ෂි මොනවාදැයි දැක්වෙන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ ඒ අනුව මෙලෙස ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කර තිබේ

කපිල කිව්වා ඇඳුම් එල්ලගන්න ඕනේ කියලා - කපිලට දෙපාරක් Call කළා Answer කළේ නැහැ - Master Key එකෙන් දොර ඇරලා බලද්දී දැක්කේ - කපිල චන්ද්‍රසේනගේ මරණයේ කට උත්තරය එළියට

කපිල කිව්වා ඇඳුම් එල්ලගන්න ඕනේ කියලා - කපිලට දෙපාරක් Call කළා Answer කළේ නැහැ - Master Key එකෙන් දොර ඇරලා බලද්දී දැක්කේ - කපිල චන්ද්‍රසේනගේ මරණයේ කට උත්තරය එළියට

සිසු ගැටුමක් උත්සන්න වී සිසුවෙක් තියුණු ආයුධයකින් තවත් පස්දෙනෙකුට පහර දෙයි - සිසුන් 5ක් රෝහලට

සිසු ගැටුමක් උත්සන්න වී සිසුවෙක් තියුණු ආයුධයකින් තවත් පස්දෙනෙකුට පහර දෙයි - සිසුන් 5ක් රෝහලට