ලබන පාර අත් හදා නොබලපු නායකයෙක්ට මේක භාර දෙන්න වෙනවා තවත් අගාදෙට වැටෙන්න බෑ- මරික්කාර්
දූෂණ වංචා චෝදනා එල්ල වී තිබෙනවා නම් ඔවුන් පිරිසිදු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන්නෙත් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රකාශ කර තිබේ.
සමගි ජන බලවේගය පිරිසිදු පක්ෂයක් බව කී මන්ත්‍රීවරයා දුෂණ වංචා චෝදනා එල්ල නොවුන පිරිසිදු දේශපාලනයක නිරත වන පිරිසක් සමගි ජනබලවේගයේ සිටින බව එතුමා සදහන් කර ඇත.
මුළු රටේම ආන්දෝලනයක් කළ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර් වරුන් අතට පත්වීම ගැන මහබැංකු අධිපති පළමුවරට කට අරී
මේ පිළිබද මරික්කාර් මහතා මේ බව කීවේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
"දේශපාලඥයෙක් වංචාවක දුෂණයක සම්බන්ධයි නම් , දුෂණ වංචා චෝදනා එල්ල වී තිබෙනවා නම් ඔවුන්ව පිරිසිදු කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන්නෙත් නැහැ. ඒ වගේම යම් යම් දේශපාලන කඳවුරු වලට සමගි ජනබලවේගය විසින් එල්ල කළ චෝදනා අදටත් වලංගු වෙනවා. කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවට පසුගිය ආණ්ඩුවල සිටි දේශපාලඥයින් කළැයි කියන වංචා දුෂණ ඔප්පු කර ගැනීමට ශක්තියක් නැහැ. කෙසේ හෝ සමගි ජනබලවේගය ඇතැම් දේශපාලඥයින්ට එල්ල කළ චෝදනා වෙනුවෙන් සමගි ජනබලවේගය අදටත් පෙනී සිටිනවා. ඒ වගේම ආණ්ඩු බලය තිබෙන්නේ සමගි ජනබලවේගයට නෙවෙයි. ඒ නිසා ආණ්ඩු බලය තිබෙන ජාතික ජනබලවේගය එම චෝදනා ඔප්පු කරන්න වහාම කටයුතු කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය. ''