මිඩ්වයිෆ්ට හදී කළ සෞඛ්‍ය රියදුරු.
Sri Lanka Police
Hambantota
Hospitals in Sri Lanka
By Wayomi
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
හම්බන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දි ඉකුත් ජූලි මාසයෙන් පසු දිනක කාර්යාලය තුලදී අවිවාහක පවුල් සෞඛ්‍ය සේවිකාවට ලිංගික අතවරයක් කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් ඇය විසින් හම්බන්තොට පොලීසිය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව එම කාර්යාලයේම රියදුරෙක් ලෙස සේවය කරන 45 හැවිරිදි සැකකාර පුද්ගලයා ඊයේ (18) හම්බන්තොට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.