මෙක්සිකෝවේ ජනපතිනියට ජනාධිපති මන්දිරය අසලදීම ලිංගික හිරිහැර‍යක්

Report

මෙක්සිකෝවේ ජනාධිපතිනිය වන ක්ලෝඩියා ෂේන්බවුම් (Claudia Sheinbaum) මෙක්සිකෝ නගරයේ ජනාධිපති මන්දිරය අසලදී ආධාරකරුවන්ට ආචාර කරමින් සිටියදී ලිංගික හිංසනයකට ලක්වීමෙන් අනතුරුව ලිංගික හිරිහැර කිරීම රට පුරා අපරාධයක් බවට පත් කරන මෙන් ඉල්ලා ඇත.

ඒ අනුව ජනපතිවරිය පවසා ඇත්තේ අසල්වැසියන් පිරිසකට ආචාර කරමින් සිටියදී, බීමත්ව සිටි පුද්ගලයෙකු ඇගේ උරහිස වටා අත දමා, අනෙක් අතින් ඇගේ ඉන සහ පපුව ස්පර්ශ කර, ඇගේ බෙල්ල සිප ගැනීමට උත්සාහ කර ඇති බවයි.

කෙසේ වෙතත් අඳාළ සිදුවීම කැමරාවේ සටහන් වී ඇති බව සඳහන්.

අම්මයි හොර සැමියයි පොඩි කෙල්ලව දූෂණය කරලා - අවුරුදු 180ක් හිරේට

අම්මයි හොර සැමියයි පොඩි කෙල්ලව දූෂණය කරලා - අවුරුදු 180ක් හිරේට

එමෙන්ම එය සිදුවන මොහොතේ ජනාධිපතිනියගේ ආරක්ෂක අංශය ඇය අසල සිට නොමැති බවද වාර්තා වේ.

මේ අතර මෙක්සිකෝවේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වන ඇය පවසා ඇත්තේ තමන් එම පුද්ගලයාට එරෙහිව චෝදනා ගොනු කළ බවත්, මෙම සිදුවීමෙන් පසු ලිංගික හිංසනය සම්බන්ධයෙන් රට පුරා නීති සමාලෝචනය කරන බවත් ය. අනතුරුව අඳාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම ජනාධිපතිනිය සිය සමාජ මාධ්‍ය සටහනක සඳහන්කර සිටියේ, "මෙය රටේ සහ ලෝකයේ බොහෝ කාන්තාවන් අත්විඳින දෙයකි" යනුවෙන්.

එසේම ඇය සඳහන් කළේ, කාලය ඉතිරි කර ගැනීම සඳහා ඇය සහ ඇගේ කණ්ඩායම ජාතික මාලිගයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා පයින් යාමට තීරණය කළ විටදී මෙම සිදුවීම සිදුවූ බවයි.

තවද ජනාධිපතිනිය මෙක්සිකෝව පුරා සිටින ප්‍රාන්තවලින් මෙවැනි ප්‍රහාර වාර්තා කිරීම කාන්තාවන්ට පහසු කිරීම සඳහා ඔවුන්ගේ නීති සහ ක්‍රියා පටිපාටි පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා සිටියා.

බඩුත් එක්කම අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීනියගේ සැමියා අධිකරණයට

බඩුත් එක්කම අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීනියගේ සැමියා අධිකරණයට

ඇය පැවසුවේ "කාන්තාවන්ගේ පෞද්ගලික අවකාශය උල්ලංඝනය නොකළ යුතුයි" යනුවෙන්.

අඳාළ සිදුවීම මෙක්සිකෝවේ කාන්තා ආරක්ෂාව පිළිබඳ ගැටලුකාරී වාර්තාව කෙරෙහි අවධානය යොමු කර ඇත. මේ වන විට ලිංගික හිංසනය සාමාන්‍ය දෙයක් වී තිබෙන අතර, මානව හිමිකම් කණ්ඩායම් කාන්තා ඝාතන අර්බුදයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඇති බව ද සඳහන්.

ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් මෙක්සිකෝවේ දිනකට සාමාන්‍යයෙන් කාන්තාවන් 10 දෙනෙකු ඝාතනයට ලක්වන බව වාර්තා කර‍යි.

එම සංවිධානයට අනුව, වයස අවුරුදු 15 සහ ඊට වැඩි මෙක්සිකානු කාන්තාවන්ගෙන් සියයට 70ක් පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම ලෙස එක් ලිංගික හිංසන සිද්ධියකට හෝ මුහුණ දෙනු ලබන බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙක්සිකෝවේ ප්‍රාන්ත 32ට සහ ෆෙඩරල් ආයතනයක් වන මෙක්සිකෝ නගරයට ඔවුන්ගේම අපරාධ නීති සංග්‍රහයන් තිබෙනවා.

එසේම සියලුම ප්‍රාන්ත ලිංගික හිංසනය අපරාධයක් වශයෙන් නොසලකන බව ද සඳහන්.

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

මීට පස්සේ කෝච්චිවල යද්දි මේවා කරන්න තහනම්

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු

දිගටම පාසල් වැසෙයිද? අඛණ්ඩ වැඩ වර්ජනයක ලකුණු