විශ්‍රාම වැටුප මෙපමණකට?.. ගෙවනු ලබන වැටුපට මොකක් වෙයි ද?. කීව දෙය මෙන්න..(VIDEO)
අද (07) පාර්ලිමේන්තුවේ දී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා විශේෂ අණාවරණයක් සිදු කළේ ය.
ඒ පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ වන විට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාව මෙන්ම ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල සම්බන්ධයෙන් ය.
ඒ අනුව ඒ මහතා සදහන් කළේ 1976 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බවයි.
ඉන් පසු මේ දක්වා විශ්‍රාම වැටුප් ලබන අය ගැන ඒ මහතා සදහන් කළේ ය.
ඒ අනුව මෙම වසරේ ජනවාරි 25 දක්වා කාලය තුළ විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 330ක් සිටින බව මන්ත්‍රීවරයා පැවසීය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,