මෙල්බන් ඩෙල්ටා පොකුරට වගකිව යුත්තේ ශ්‍රී ලාංකිකයෙක් ද ?

covid19 Australia isolated quarantine delta variety
By Sewvandhi Jun 08, 2021 08:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර කේන්ද්‍රකොට ගෙන ඇති වී තිබෙන නව කොරෝනා පොකුර ශ්‍රී ලංකාවේ සිට නැවත එහි ගිය පුද්ගලයෙකුගෙන් ආරම්භ වී ඇති බව අනාවරණ වී තිබෙනවා. හෝටල් නිරෝධායනයට ලක්ව සිටි ඔහුගෙන් ඉන්දියාවෙන් පළමුවෙන් සොයා ගැණුනු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිරී ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරින් සනාථ කළා.

පසුගිය මැයි 8 වනදා මෙල්බර්න් නුවර බලා ගිය එම ශ්‍රී ලාංකිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වී ඇත්තේ එදිනමයි. ඔහුගෙන් පවුල් දෙකකට වෛරසය ආසාදනය වී ඇති අතර, නව පොකුර හේතුවෙන් මෙල්බන් නුවර සීමාවන් පැනවීමට ද පියවර ගැණුනා.

වයස 40 ඉක්මවූ එම ශ්‍රී ලාංකිකයා පසුගිය මැයි 14 වනදා නිරෝධායන හෝටලයේ සිට ප්‍රතිකාර පහසුකම් සහිත හෝටලයක් වෙත මාරු කර ඇති අතර, ඔහු ඉන් නික්ම ගොස් ඇත්තේ මැයි 23 වනදායි. ඔහුගෙන් හෝටලයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වූ ආකාරය පිළිබඳව මේ වනවිට ඕස්ට්‍රේලියානු බලධාරින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now