සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයාට මරු කැඳවූ බිහිසුණු අනතුර.

By Wayomi Mar 28, 2024 06:04 AM GMT
Report

ඊයේ (27) සවස වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා මාරක රිය අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වවුනියාව දෙස සිට යාපනය දෙසට ගමන්ගත් ටිපර් රථයක්, මුලතිව් සිට වවුනියාව දක්වා සෞඛ්‍ය වෛද්‍ය අධිකාරිවරයා ගමන්ගත් කැබ් රථයේ ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු මුලතිව් දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කේ. අකිලේන්ද්‍රන් මහතා එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.