වයස අවුරුදු 30ට වැඩි මේ ක්ෂේත්‍රයේ පළපුරුද්ද තියෙන සේවකයන්ට රජයෙන් නිවාස - අයදුම්පත් දැන්ම මෙතැනින්

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන "මාධ්‍යවේදී නිවාස ව්‍යාපෘතිය" සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

රජය විසින් මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 27ක් පිරිනැමීමට සැලසුම් කර ඇති අතර ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙම නිවාස ව්‍යාපෘතිය මගින් ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන්, නිවාස අවශ්‍යතාව සහිත විද්‍යුත්, මුද්‍රිත සහ වෙබ් මාධ්‍යවේදීන් සඳහා සහනදායී මිලක් යටතේ නිවාස ලබාදීමට නියමිතය.

දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක්

දැයෙන් සමුගත් යශෝරාවිය නන්දා මාලනිය ගැන හඳ කම්පා කරවන පුවතක්

මෙම නිවාස සඳහා අයදුම් කරන මාධ්‍යවේදීන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා තිබිය යුතු අතර, වයස අවුරුදු 30ත් 60ත් අතර කාණ්ඩයේ පසුවන්නන් විය යුතුය.

එසේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් 2025 හෝ 2026 වර්ෂ සඳහා නිකුත් කරන ලද වලංගු මාධ්‍ය හැඳුනුම්පතක් සතු වීම අයදුම් කිරීමට අවශ්‍ය මූලික සුදුසුකමකි. අදාළ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැක.

අද දින විශේෂ රථ වාහන සැලැස්මක් - රියදුරන් හා ජනතාව දැන්ම දැනුවත් වෙන්න

අද දින විශේෂ රථ වාහන සැලැස්මක් - රියදුරන් හා ජනතාව දැන්ම දැනුවත් වෙන්න

සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2026 සැප්තැම්බර් මස 18 වැනිදාට පෙර "අධ්‍යක්ෂ (මාධ්‍ය), සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05" යන ලිපිනයට යොමු කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බී.ජී.ජී. දිල්ෂානි මහත්මිය දන්වා සිටී.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 0714-931696 (චන්දන) හෝ 0777-736617 (කංචුල) යන දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.  

ටික්ටොක් නිසා බාලවයස්කරුවන් අනතුරේ - දෙමව්පියන්ගේ විශේෂ අවධානයට

ටික්ටොක් නිසා බාලවයස්කරුවන් අනතුරේ - දෙමව්පියන්ගේ විශේෂ අවධානයට