මයෝන් සක්‍රීය වෙයි - 12,800කට වැඩි පිරිසක් වහා ඉවත් කරයි..

Philippines Fire
By krishani Jun 12, 2023 01:04 AM GMT
krishani

krishani

Report

පිලිපීනයේ මධ්‍යම ඇල්බේ පළාතේ මයොන් ගිනි කන්ද සක්‍රීය වීමත් සමග එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ ඉන් අළු සහ පාෂාණ විසිරෙමින් පැවතීම හේතුවෙන් ය.

ඒ අනුව ගිනි කන්ද අවට ජීවත් වූ 12,800 කට වැඩි පිරිසක් ආපදා මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ගිනි කන්ද සක්‍රීය වීමත් සමග මිනිස් ශරීරයට අහිතකර සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සහ තවත් විෂ වායු පරිසරයට නිකුත් වෙමින් පවතින බවයි.

මයෝන් ගිනිකන්ද මනරම් කේතුකාකාර හැඩය ඇති පිලිලීනයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථානයකි.

මීටර් 2,462 (අඩි 8,077) උසැති මයෝන් යනු රටේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කඳුවලින් එකකි.