මත්තල ගුවන්තොටුපළ ගැන රජය ගත් තීරණය!

By Shehan Mar 07, 2025 09:41 AM GMT
Report

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැවසුවා.

අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

රනිල් නෑ කියපු බටලන්ද වාර්තාව මෙන්න!

“මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍ය බිමල් රත්නායක එහිදී සඳහන් කළේ මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවයි.