ප්‍රේක්ෂක ආදරය දිනූ සුප්‍රකට රංගන ශිල්පියාගේ සිරුර තටාකයකින් හමුවෙයි - (PHOTOS)
By Sewvandhi
අමෙරිකානු මාධ්‍යය අද (29) වාර්තා කළේ, අමෙරිකානු රංගන ශිල්පී මැතිව් පෙරී, මියගොස් ඇති බවය.
ලොස් ඇන්ජලීස්හි පිහිටි ඔහුට අයත් නිවසේ උණුසුම් තටාකයක තිබිය දී ,54 හැවිරිදි වියේ පසු වූ පෙරී ගේ නිසල සිරුර හමු ව තිබුණේය.
පෙරී, ලෝකප්‍රකට ජනප්‍රිය රංගන ශිල්පියෙකු බවට පත්වූයේ 90 දශකය තුළය. ඒ ඔහු චැන්ඩ්ලර් ලෙස රංගනයේ නිරත වූ ෆ්‍රෙන්ඩ්ස් කතාමාලාව ලොව පුරා අතිශය ජනප්‍රියත්වයක් අත්පත් කරගැනීම හේතුවෙනි.
පසුකාලීන ව වේදනා නාශක සහ මත්පැන්වලට ඇබ්බැහි වී සිටි පෙරී, ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර පවා ලබාගෙන තිබිණි.
කෙසේ නමුත් එම ඇබ්බැහිය සහ ඔහු ගේ මරණය අතර සම්බන්ධයෙක් පවතියි ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.


