කුලියාපිටියේ මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වටලයි

Report

කුලියාපිටිය පොලිස් වසමේ පහළ දියදොර, මාදරවත්ත ප්‍රදේශයේ ඉතා රහසිගතව සහ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද (31) සාර්ථක ලෙස වටලා තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව, එම බලකායේ අධ්‍යක්‍ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් හා නියෝග පරිදි සිදුකළ දීර්ඝ රහසිගත පරීක්ෂණයකින් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇත.

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ඇමති රවී කරුණානායකට ඇප

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ඇමති රවී කරුණානායකට ඇප

මෙම විශේෂ වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා සූදානම් කර තිබූ ගෝඩා මිලිලීටර් 7,560,000ක් අඩංගු බැරල් 40ක්, කසිප්පු මිලිලීටර් 187,500ක් (බෝතල් 250ක්), වට 07කින් යුතු තඹ දඟර 02ක්, ගෑස් ළිප් 02ක් සහ කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර 04ක් පොලිස් භාරයට ගැනීමට සමත්ව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මේ පලාත් සහ දිස්ත්‍රික්ක සියල්ලටම වලංගුවෙන පරිදි අතිවිශේෂ නිවේදනයක්

මේ පලාත් සහ දිස්ත්‍රික්ක සියල්ලටම වලංගුවෙන පරිදි අතිවිශේෂ නිවේදනයක්

මෙලෙස සොයාගත් ගෝඩා තොගය පෙරීමට ලක්කර, නිෂ්පාදනය කෙරෙන නීතිවිරෝධී මත්පැන් කුලියාපිටිය සහ ආසන්න ප්‍රදේශ පුරා බෙදා හැරීමට සැලසුම් කර තිබූ බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.