අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් හිටපු ඇමති රවී කරුණානායකට ඇප
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.