සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරමින් හෙට සෞඛ්‍යයෙන් විශේෂ ව්‍යාපෘතියක් අරඹයි - දිස්ත්‍රික් මට්ටමින් වැඩසටහන්

Report

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියත්මක කරනු ලබන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000 ව්‍යාපෘතිය හෙට (01) දින නිල වශයෙන් ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දකුණ සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තැබීම පෙරවරු 09.00ට සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

එමෙන්ම ඊට සමාගමීව දිස්ත්‍රික් මට්ටමින් ද වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියෙන් බෝ නොවන රෝග පාලනයට හා වැළැක්වීමේ සත්කාරයට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නව හැරවුමක් සනිටුහන් කරයි.

එමෙන්ම මෙරට වත්මන් රෝහල් පද්ධතිය තුළ රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන අවස්ථාවල පවතින තදබදය සහ පෝලිම් නිසා රෝගීයාගේ තත්ත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර උපදෙස් ලබාදීමට වෛද්‍යවරුන්ට ඇති කාලය සීමිත වේ.

ට්‍රම්ප් ඓතිහාසික තෙල් ගිවිසුමක් නිවේදනය කිරීමත් සමඟ ගෑස් මිල ගැනත් රටට සුබ ආරංචියක්

ට්‍රම්ප් ඓතිහාසික තෙල් ගිවිසුමක් නිවේදනය කිරීමත් සමඟ ගෑස් මිල ගැනත් රටට සුබ ආරංචියක්

එසේම ජනතාවට ද සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් ප්‍රමාණවත් කාලයක් ගෙන සාකච්ඡා කිරිමට හෝ වැළැක්වීමේ සෞඛ්‍ය ක්‍රමවේද පිළිබද දැනුවත්වීමට අවස්ථාව නොලැබීම ද ගැටලුවක් වේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ආවරණය වන ලෙස ප්‍රජා මට්ටමින් සෞඛ්‍ය උපදෙස්, පරික්ෂණ, මග පෙන්වීම් ලබාදීමේ අරමුණෙන් ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සංකල්පය හදුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එසේම මෙම මධ්‍යස්ථාන සම්ප්‍රදායික, බෙහෙත් ශාලාවකට හෝ බාහිර රෝගි අංශයකට සීමානොවන බව පවසයි.

එහි මූලික අරමුණ රෝගාතුර වූ පසු ප්‍රතිකාර කිරීමට වඩා රෝග ඇතිවීම කල්තියා වළක්වා ගැනීම සහ සමස්ත ශාරීරික සුවතාව ප්‍රවර්ධනය කිරීමයි.

එසේම සෑම මධ්‍යස්ථානයකටම වෛද්‍යවරයෙකු, ප්‍රජා හෙද කාර්ය මණ්ඩලයක් සහ සම්බන්ධීකරණ නිලධාරීන් අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇති බව සඳහන්.

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති