පළාත් කිහිපයකට වැසි ප්‍රදේශ රැසකට තද සුළං - ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය මෙන්න

Report

2026 අගෝස්තු 31 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ වාර්තාවට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි නමුත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු මැද, වයඹ, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ ප්‍රදේශවල පැයට කිලෝමීටර් 30-40 අතර වේගයකින් තරමක් තද සුළං ඇතිවිය හැකිය.

මේ අතර, සූර්යයා දකුණු දෙසට ගමන් කිරීම හේතුවෙන් හෙට (සැප්තැම්බර් 01) දහවල් 12.10ට කල්පිටිය, තලාව, සිංහාරගම, ගල්කඩවල, නාච්චදූව, පඩිකාරමඩුව, ගෝමරන්කල්ල සහ වෙරුගල් යන ප්‍රදේශවලට සූර්යයා සෘජුවම මුදුන් වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

රට ඇතුළට මුහුදු රළ පැමිණීමේ අවදානමක් - මුහුදුබඩ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

රට ඇතුළට මුහුදු රළ පැමිණීමේ අවදානමක් - මුහුදුබඩ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක්

Gallery