"කෝච්චියේදී, බස් එකේදී නොදන්න අය දෙන කෑම බීම බොන්න එපා - මඟතොට යන අයට හදිසි අනතුරු ඇඟවීමක්
By Kanchana
බස් රථ, දුම්රිය සහ මඟතොටදී නාඳුනන පුද්ගලයන් ලබාදෙන පැණි බීම, ජලය, බිස්කට් හෝ වෙනත් ආහාරපාන කිසිවිටෙකත් භාර නොගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.
සිහි විසංඥ කර දේපළ සොරකම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීම වැදගත් බවද සඳහන් වේ.
එමෙන්ම, මඟතොටදී හෝ පොදු ස්ථානවලදී නාඳුනන පුද්ගලයන් විසින් තමන් සන්තකයේ තබාගන්නා ලෙස ලබාදෙන සැකකටයුතු පාර්සල්, බෑග් හෝ වෙනත් භාණ්ඩ පරීක්ෂා කිරීමෙන් හෝ භාරගැනීමෙන් වළකින ලෙසද උපදෙස් ලබාදී ඇත.
කුඩා දරුවන් සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ආගන්තුකයන් ලබාදෙන ටොෆි, චොකලට්, සෙල්ලම් බඩු හෝ වෙනත් දෑ භාර නොගන්නා ලෙසත් ඔවුන් සමඟ නොයන ලෙසත් දරුවන්ට නිරන්තරයෙන් පැහැදිලි කර දෙන ලෙස වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටී.