අඩු ආදායම්ලාභී පවුල්වලට ශක්තියක් වූ සමෘද්ධි බැංකු පද්ධතියට කරන්න යන දේ මෙන්න - ඇමති කියයි

Report

වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ වගකීම පැවරී ඇත්තේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවටයි.

එබැවින් 2029 වන විට පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීම එම දෙපාර්තමේන්තුවේ ඉලක්කය වේ. එයට සමගාමීව, සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත් කිරීමේ අරමුණින් “ප්‍රජා සවියට නව බලයක්” යන තේමාව යටතේ දෙපාර්තමේන්තුවේ 21,000කට ආසන්න සේවක පිරිස දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එහි නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ඉකුත් 28 වැනි දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය නව නගර ශාලා පරිශ්‍රයේදී පවත්වා ඇත.

ලොවම පුදුම කරමින් විශ්වයම ගැන නොදත් අබිරහස සොයා ගනීද? නාසා එකෙන් කරන විස්මිත මෙහෙයුම මෙන්න

ලොවම පුදුම කරමින් විශ්වයම ගැන නොදත් අබිරහස සොයා ගනීද? නාසා එකෙන් කරන විස්මිත මෙහෙයුම මෙන්න

එහිදී පැමිණ සිටි නිලධාරීන් අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේ, වර්තමානයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ප්‍රධානතම වගකීම සහ කාර්යභාරය වන්නේ අස්වැසුම ප්‍රතිලාභීන් ආර්ථික හා සමාජීය ලෙස සවිබලගැන්වීම බවයි.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව මුහුණ දෙන “යැපුම් මානසිකත්වයෙන්” ඔවුන් මුදවා ගැනීම දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අභියෝගයක් බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

ග්‍රාමීය මට්ටමින් ජනතාව සතු සුවිශේෂී කුසලතා, දක්ෂතා සහ විභවතාවන් හඳුනාගෙන ඒවා වෘත්තීය මට්ටමට ඔප්නැංවීමත්, ප්‍රතිලාභීන්ට අනෙකුත් රාජ්‍ය ආයතන, බැංකු පද්ධති සහ දේශපාලන අධිකාරීන් සමඟ සාර්ථකව සම්බන්ධ වී ජාලගත වීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබා දීමත් සමෘද්ධි නිලධාරීන්ගේ වගකීමක් බව ඔහු පෙන්වා දී ඇත.

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට

එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සතුව සමෘද්ධි බැංකු 430ක්, බැංකු ශාඛා 1,097ක් සහ බැංකු සංගම් මූලස්ථාන 333ක් පවතින අතර, රුපියල් බිලියන 800කට අධික මූල්‍ය වත්කම් ප්‍රමාණයක් සතු වන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

එබැවින් මෙම දැවැන්ත මූල්‍ය ශක්තිය සහ මානව සම්පත උපයෝගී කරගනිමින් සමෘද්ධි ක්ෂුද්‍ර මූල්‍ය අංශය ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනය බවට පත් කිරීම රජයේ ඉලක්කය බවද අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

එම අවස්ථාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, දෙපාර්තමේන්තු නිලධාරීන්, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති

පාසල් සිසුන් සහ ගුරුවරුන් සඳහා විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශයේ පාසල් ප්‍රවාහනයට නව නීති