කොළඹ වරායේදී අත්අඩංගුවට ගත් ‘අයිස්’ ප්‍රමාණය කිලෝ 463ක් – වටිනාකම රුපියල් කෝටි 800 පනී

Report

කොළඹ වරායයේ තිබී සොයාගත් බහාලුම් දෙක තුළ අඩංගු ‘අයිස්’ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 463කට ආසන්න බව පොලීසිය තහවුරු කරයි. එහි වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 800කට අධික වනු ඇති බවට ගණන් බලා ඇත.

අපරාධ හා රථවාහන අංශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.

මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි - මුදල් නි. ඇමති රටින්ම ඉල්ලයි

මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අවශ්‍යයි - මුදල් නි. ඇමති රටින්ම ඉල්ලයි

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ සහය ඇතිව අදාළ සැකසහිත බහාලුම් දෙක විවෘත කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍යවල බර මැනීමේ කටයුතු ආරම්භ කළ බවත්, ඒ අනුව මෙතෙක් කළ ගණනය කිරීම්වලට අනුව මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 463ක් සොයාගත් බවත් නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා ප්‍රකාශ කළේය.

මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධාන මහමොළකරුවන් සහ මෙම තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පූර්ණ විමර්ශන ආරම්භ කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් තොණ්ඩුවක් වැටෙයි - පවුලේ ව්‍යාපාර ගැන සොයන්නත් පැමිණිල්ලක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් තොණ්ඩුවක් වැටෙයි - පවුලේ ව්‍යාපාර ගැන සොයන්නත් පැමිණිල්ලක්