මේ පලාත් සහ දිස්ත්‍රික්ක සියල්ලටම වලංගුවෙන පරිදි අතිවිශේෂ නිවේදනයක්
හෙට (සැප්තැම්බර් 01) දිනයේදී උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට දිනය දක්වා වලංගු වන පරිදි මෙම විශේෂ කාලගුණික උපදේශනය නිකුත් කර තිබේ.
මෙම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ එළිමහනේ අධික ලෙස වෙහෙස මහන්සි වී රාජකාරි කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම වැඩිහිටියන්, කුඩා ළමුන් සහ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා කාලගුණ බලධාරීන් වැඩිදුරටත් උපදෙස් දෙයි.