ලංකාව ලෝක වෙළඳපොළ හොල්ලයි - සැප්තැම්බර් 02 වැනිදාට රට පුරා අරඹන්න යන ජාතික වැඩසටහන මෙන්න
සැප්තැම්බර් 02 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව රට පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට අද (31) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහි පළමු අදියර ලෙස 2026 වසරේදී තැඹිලි ගම්මාන 75ක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, 2027 වසරේදී ගම්මාන 80ක් සහ 2028 වසරේදී අවසන් ගම්මාන 95 ආරම්භ කරමින් ගම්මාන 250ක වැඩසටහන සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන මෙම තැඹිලි ගම්මාන වැඩසටහනේ ජාතික මට්ටමේ ප්‍රධාන ගම්මානය වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාකඳුර ගම්මානය තෝරාගෙන ඇති බවද සඳහන්.
ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 02 වැනිදා තැඹිලි ගම්මාන 20කට ආසන්න සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, සති දෙකක පමණ කාලයක් තුළ ගම්මාන 75හිම ආරම්භක පියවර තැබීමට කටයුතු කරන බව සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා.
තවද ස්වභාවික පාන සඳහා ලෝක වෙළඳපොළේ ඉල්ලුම වේගයෙන් වර්ධනය වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පොල් ආශ්‍රිත පාන සඳහාද ලොව විශාල වෙළඳපොළක් පවතින බව පවසා ඇත.
එමෙන්ම රසය, පැහැය සහ පාරිභෝගික ඉල්ලුම අතින් තැඹිලි සුවිශේෂී වන අතර, එය ශ්‍රී ලංකාවට ආවේණික වටිනාකමක් සහිත පානයක් බවද ඔහු සඳහන් කළා.
සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික නිරූපිකාවක් මෙන්ම කැට්වෝක් සහ රූ රැජින තරග පුහුණුකාරිනියක වූ චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ හදිසියේ ජීවිතක්ෂයට
මෙරට තැඹිලි සඳහා ලෝක වෙළඳපොළේ පවතින ඉල්ලුම තවදුරටත් වර්ධනය කර ගැනීමේ විශාල හැකියාවක් පවතින බවද ඔහු පෙන්වා දුන් අතර දැනට පවතින ලෝක වෙළඳපොළ ඉල්ලුමට සරිලන පරිදි තැඹිලි සැපයීමට ශ්‍රී ලංකාවට තවමත් හැකියාවක් නොමැති බවද අවධාරණය කළා.
එබැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තැඹිලි අපනයනකරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවද අමාත්‍යවරයා පැවසුවා. ඉකුත් 2024 වසරේදී ශ්‍රී ලංකාවෙන් තැඹිලි ගෙඩි මිලියන 08ක් පමණ අපනයනය කර ඇති අතර, 2025 වසරේදී එම සංඛ්‍යාව ගෙඩි මිලියන 9.83ක් දක්වා ඉහළ ගොස් ඇත.
එසේම 2024 වසරේ තැඹිලි අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.75ක ආදායමක් උපයා ඇති අතර, 2025 වසරේදී එම ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8.48ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
ඒ අනුව 2030 වසර වන විට තැඹිලි ගම්මාන සංකල්පය තවදුරටත් සංවර්ධනය කරමින්, එම වසර වන විට තැඹිලි ගෙඩි මිලියන 25ක් අපනයනය සඳහා සූදානම් කිරීමේ ඉලක්කයක් ඇති බව සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළා.